රනිලුයි සජිතුයි තාත්තයි පුතායි වගේ! මමයි කබීරුයි හොඳ යාළුවෝ! සජිත්ලා තියන්නේ එජාප රැස්වීම් තමයි! – කිරිඇල්ලත් වැට උඩට නඟී….

September 9, 2019 at 6:14 pm | by emanisa.lk

ඇමති සජිත් ප්‍රේමදාස රට පුරා රැස්වීම් තබමින් මහන්සි වන්නේ එජාපයේ ජයග්‍රහණය උදෙසා බවත් පක්ෂයේ කිසිම බෙදීමක් නැති බවත්
අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

“කබීර් හා මං හොඳ මිත්‍රයින්. අදහස් හුවමාරු කර ගැනීමක් සිදුවුණා. අපේ පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්. සංවාද තිබෙනවා. කබිර් එක්ක ප්‍රශ්නයක් නෑ.

පක්ෂයේ බෙදීමක් නෑ. සජිත් ප්‍රේමදාස මහතාත් තියාගෙන යන්නේ එක්ස්ත් ජාතික පක්ෂයේ රැස්වීම්. කවුරුත් මහන්සි වෙන්නේ එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවන්න.

හෙට අවසන් තීරණය ඒවි. සජිත් ඇමතිතුමත් අගමැතිත් හෙට හමුවෙනවා. ඔවුන් අතර කිසිම ප්‍රශ්නයක් නෑ. අගමැතිතුමා හා සජිත් තාත්තයි පුතයි වගෙයි. හොඳ තේරුම් ගැනීමක් තිබෙනවා.”

මහනුවරදී මාධ්‍ය යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.

කෙසේ වුවද පසුගියදා සරත් ෆොන්සේකා ප්‍රකාශ කළේ මෙම රැස්වීම් එජාප රැස්වීම් නොවන බවත් ඒවා නවත්වන ලෙස පක්ෂ නායක රනිල් දැනුම් දුන් බවත් ඒ සඳහා සිරිකොතේ ආශීර්වාදය නොමැති බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස