ගං වතුරින් කොළඹ යටවීම වළක්වන විසඳුම් ක්‍රියාත්මකයි! තෙවසරකට පසු ඇළ මාර්ග ඉදිකිරීම් සහ පිරිසිදු කිරීම් ඇරඹෙයි!

January 1, 2020 at 1:42 pm | by emanisa.lk

වසර තුනක් තිස්සේ ඇණහිට තිබූ කොළඹ ඇළ මාර්ග ඉදිකිරීමේ සහ පිරිසිදු කිරීමේ කටයුතු කඩිනම් කිරීමට ආණ්ඩුව පියවර ගෙන ඇත.

මේ යටතේ නුගේගොඩ, කට්ටිය හංදියේ සිට බොල්ගොඩ ජලාශය දක්වා දිවෙන ඇල මාර්ග නිසි ප්‍රමිතියට ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර ඇත.

නුගේගොඩ ගම්සභා හංදිය, දෙල්කඳ, රත්තනපිටිය, පැපිලියාන, බොරලැස්ගමුව ඇතුළු ප‍්‍රදේශ රැසක නිවාස රැසකට අධික වර්ෂාවක දී ඇති වන ගං වතුර අවධානම මෙම ඇළ මාර්ග ඉදිකිරිම නිසා පහව යන බව ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව නිවේදනය කරයි.

ප‍්‍රධාන ඇල මාර්ග, ද්වීතීයික ඇල මාර්ග කිලෝ මීටර් 8ක් දුරට අලුතෙන් ඉදිකිරීම හා ප‍්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මෙම ව්‍යාපෘතිය මඟින් සිදු කෙරේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස