කොළඹ ගම්පහ කළුතර අවදානම් කලාප! ඇඳිරි නීතිය දිගටම! අවශ්‍ය භාණ්ඩ ගෙදරටම!

March 24, 2020 at 3:16 pm | by emanisa.lk

කොළඹ ගම්පහ කළුතර කොරෝනා ව්‍යාප්ති අවදානම් කලාප ලෙස නම් කර ඇති අතර තත්ත්වය පාලනය කරන තුරු අඛණ්ඩ ඇඳිරි නීතිය පනවා තිබේ.

එසේම නැවත වරක් පෝලිම්වල සිට භාණ්ඩ මිළට ගැනීමට අවශ්‍ය නොවන අතර ගෙදරට විත් භාණ්ඩ විකිණීම සඳහා නව වැඩපිළිවෙළක් ලංකාවේ ප්‍රධාන පෙ⁣ළේ වෙළඳ සමාගම් සමග එක්ව දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මේ සඳහා සතොස, කාගිල්ස්, කීල්ස්, ලාෆ්ස්, ආර්පිකෝ, අරලිය, නිපුණ වැනි වෙළඳ සමාගම් සහභාගී කරවනු ඇත. ලොරි මගින් අදාල භාණ්ඩ නිවසටම ගෙනැවිත් අළෙවි කිරීම සිදු කෙරේ.

විශේෂ කාර්ය සාධක බලකායක් විසින් මෙය මෙහෙවනු ලබන අතර ඊට නායකත්වය දෙනු ඇත්තේ බැසිල් රාජපක්ෂය. අමාත්‍යාංශ ලේකම්වරු, දිසාපතිවරු ඇතුළු පරිපාලන ජාලය මෙි සඳහා සක්‍රිය කිරීමට නියමිත ය.

ඒ අනුව, ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ද කටයුතු කරනු ඇත. අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කරන ලොරි රථ සඳහා ඇඳිරි නීතිය බලපාන්නේ නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස