කොරෝනා ප්‍රතිකාර කරන IDH රෝහලේ කිසිවෙකුට කොරෝනා නො හැදුණේ ඇයි! රහස මෙන්න..

October 27, 2020 at 1:09 pm | by emanisa.lk

ජනතාව නිර්දේශ කර ඇති සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්නේ නම්, කොවිඩ් – 19 වෛරසය ආසාදනය වීමට ඉඩක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි.

ඊයේ (26) දිනයේ දී ගම්පහ දිස්ත්‍රික්කයට පැය 14ක කාලයක් ඇඳිරි නීතිය ලිහිල් කළ බවත්, එහිදී ජනතාව හැසිරී ඇති ආකාරය කණගාටුවට කරුණක් බවත් හෙතෙම සඳහන් කරයි.

“ඇත්තට ම මේ රෝගය නිකන් ම හැදෙන්නේ නැති බවට හොඳම සාධකයක් තමයි අපේ IDH රෝහල. පළමු කොරෝනා රෝගියා හමුවුණේ මාර්තු මාසයේ 11 වෙනිදා. ඔහු ප්‍රතිකාර ලැබුවේ IDH රෝහලේ. එදා ඉඳලා රෝගීන් කොච්චර සංඛ්‍යාවක් ද? අද වෙන කොට නම් රෝහල් සංඛ්‍යාව 28ක් දක්වා වැඩිවෙලා තියෙනවා.

නමුත් ප්‍රතිකාර ලැබුවේ වැඩිදෙනෙක් IDH රෝහලේ. මට සෞඛ්‍ය අංශ දැනුම්වත් කළ විදියට ඊයේ දිනය වෙනතෙක් IDH රෝහලේ කිසිදු සේවකයෙක්ට, හෙදියකට හෝ කිසිම කෙනෙකුට මේ රෝගය ආසාදනය වෙලා නෑ. මොකද්ද ඒකෙ රහස?

අමුතු දෙයක් නෙමෙයි නේ. ඒ රහස තමයි මුඛ ආවරණ පැළඳීම, අත් පිරිසිදු කර ගන්න එක, ඒ වගේ ම හැම අවස්ථාවක දී ම දුරස්ථභාවය තබා ගෙන කටයුතු කරලා. එතැන තමයි වැඩිපුර ම කොවිඩ් රෝගීන් හිටියේ.

නමුත් එක සේවක සේවිකාවකට හෝ සෞඛ්‍ය අංශයේ කාටවත් ඒ රෝගය වැළඳිලා නෑ. එහෙම වුණේ ඒවට අනුගත වුණ නිසා. ජනතාව හරියටම ඒකට අනුගත වෙලා කටයුතු කළොත් අපි ඔක්කෝට ම නැගිටින්න බැරිකමක් නෑ.“ 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස