කොරෝනා සමාජගත වීමේ අවධානමක්! IDH රෝහලින් කොරෝනා ආසාදිතයෙක් පළා යයි! මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ නම ගිය අපරාධකරුවෙක්!

July 24, 2020 at 9:39 am | by emanisa.lk

මුල්ලේරියාව අයි.ඩි.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිතයකු රෝහලෙන් අද (24) අලුයම පලා ගොස් තිබේ.

මේ වන විට එම ආසාදිතයා සොයා ගැනීම සඳහා යුද හමුදා කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතැයි යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

අදාළ පුද්ගලයා මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වී සිටි අපරාධ සඳහා අවශ්‍ය ව සිටි පුද්ගලයෙකු වන අතර ඔහුගේ වම් කකුලේ ආබාධයක් පැවතීම හේතුවෙන් ඇවිදින විට කොරගසයි.

මොහු සොයා ගැනීම සඳහා පොලීසිය මහජන සහය අපේක්ෂා කරයි. අදාළ පුද්ගලයා ඡායාරූපය ඇතුළු විස්තර පහතින් දැක්වෙන අතර, එම පුද්ගලයා පිළිබඳ යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන්නැයි පොලීසිය මහජනතාව ට දැනුම් දෙයි.

119
0718591017
0718592290
0718591864

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස