කොරෝනා සුවපත් කතකට නැවත කොරෝනා! අනුරාධපුරේ සිට IDH රෝහලට එවයි!

June 16, 2020 at 7:27 am | by emanisa.lk

අනුරාධපුරය, කැබිතිගොල්ලෑව ප්‍රදේශයෙන් නැවත කොරෝනා වෛරසය ආසාදනය වූ කාන්තාවක් වාර්තා වී තිබේ.

36 හැවිරිදි මෙම කාන්තාව කුවේට් සිට මෙරටට පැමිණ කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අයෙකි.

කොරෝනා රෝගයෙන් සුවය ලැබූ බවට හෝමාගම රෝහලේදී සිදුකළ වෛද්‍ය පරික්ෂණයෙන් තහවුරු වීමෙන් අනතුරුව එම කාන්තාව නිවෙස කරා පිටත්කර යැවීමට රෝහල් බලධාරින් පියවර ගෙන ඇත.

අනුරාධපුරයේ, කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ සිය නිවසට ඊයේ දිනයේදී ඇය යලි පැමිණීමෙන් පසු සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස වැනි රෝග ලක්ෂණ මතුවීම නිසා ඊයේ (15) දිනයේදී අනුරාධපුර ශික්ෂණ රෝහලේ කොරෝනා රෝග අංශය වෙත ඇතුලත් වූ බව එහි අධ්‍යක්ෂක වෛද්‍ය දුලාන් සමරවීර ප්‍රකාශ කරයි.

එහිදී සිදුකළ PCR පරීක්ෂණයක් අනුව එම කාන්තාවගේ ශරීරයේ කොරෝනා වෛරසය ඇති බව තහවුරු වූ බවත් ඒ අනුව ඇය IDH රෝහලට මාරු කර යැවීමට පියවර ගත් බවත් රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

කෙසේ වුවද දකුණු කොරියාවේ සිදුකළ පර්යේෂණ මගින් තහවුරු වී ඇත්තේ ඇතැම් විට සුවපත් වූ ආසාදිතයන් තුළ ශේෂ වී අවශේෂ නිසා තව දුරටත් රෝගීන් ලෙස පෙන්නුම් කරන බවත් එය එතරම් ගැටළුවක් නොවන බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස