කොරෝනා පරජය කළ දවසක එහි වීර පදක්කම දෙන්න ඕන IDH කාර්ය මණ්ඩලයටයි! – පවිත්‍රා

May 9, 2020 at 7:44 am | by emanisa.lk

කොරෝනා වෛරසය පරාජය කළ දිනයක, එහි අගය පළමුව ලැබිය යුත්තේ, ජනපතිවරයාට සහ අගමැතිවරයාට බවත්, එහි වීර පදක්කම් ලබාදිය යුත්තේ අයිඩීඑච් රෝහලේ සමස්ත කාර්ය මණ්ඩලයට බවත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි (08) පැවසුවාය.

සිය පවුල්වලින් ඈත් වී විවිධ සමාජ ගැහැට ද විඳිමින් එම රෝහල් කාර්ය මණ්ඩලය සිදුකරන මහ මෙහෙවර ඇගේ ඇගයුමට ලක්විය.

ඇමතිවරිය මේ බව පැවසුවේ, අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ හෙද කාර්ය මණ්ඩලයට රුපියල් මිලියන 15 ක පමණ වටිනාකමකින් යුතු පරිත්‍යාගයක් ලෙස ලැබුණු අංග සම්පූර්ණ නව හෙද නේවාසිකාගාරය, රෝහල වෙත ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස