කොරෝනා නිසා වැඩිපුර මියයන්නේ පිරිමි! හේතුව දුම්පානය ද?

April 29, 2020 at 2:32 pm | by emanisa.lk

කොරෝනා ආසාදිතයන් අතරින් වැඩි වශයෙන් මියයන්නේ පිරිමින් බව මේ වන විට අනාවරණය වී තිබේ.

මෙය නව කොරෝනා සම්බන්ධයෙන් පමණක් නොව මෙයට පෙර වාර්තා වූ සාර්ස්, මර්ස් වැනි වසංගතවලට හේතු වූ වෙනත් කොරෝනා වෛරස සම්බන්ධයෙන්ද දැකිය හැකි වූ තත්ත්වයක් බව අධ්‍යයනයන් තුළින් හෙළි වී ඇත.

අප්‍රේල් 19 වැනි දින ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ වාර්තාවකට අනුව ඒ වනවිට යුරෝපය තුළ කොවිඩ් 19 නිසා මිය ගොස් සිටි අය අතරින් සියයට 63 ක්ම පිරිමිය.

පිරිමින්ගේ සහ කාන්තාවන්ගේ ජාන අතර පවතින වෙනසක් මෙයට හේතු විය හැකි බවට ඇතැම්හු පවසති. මේ නිසා කාන්තාවන් පිරිමින්ට වඩා ආසාදනයන්ට ඔරොත්තු දෙන තත්ත්වයක් තිබිය හැකි බව පර්යේෂකයන්ගේ එක් මතයකි.

එමෙන්ම පිරිමින් දුම්බීම වැනි පුරුදුවලට වැඩි වශයෙන් යොමු වී සිටීම ද තවත් හේතුවක් විය හැකි බැව් අනුමාන කෙරේ. මේ නිසා ඔවුහු හෘදවස්තුව සහ පෙණහලු ආශ්‍රිත ආබාධවලට වැඩි වශයෙන් ගොදුරු වෙති.

කෙසේ වෙතත්, කොරෝනා ආසාදන නිසා පිරිමින් වැඩි වශයෙන් මිය යාමට හේතු සොයා ගැනීම සඳහා තව දුරටත් පර්යේෂණ කෙරෙමින් ඇති බැව් වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස