නීතිය ජාති ආගම් අනුව නැමිලි බෑ! එක රටක් එක නීතියක්! කොරෝනා මරණ සියල්ල ආදාහනය කරනු! – අතිවිශේෂ ගැසට්ටුව නිකුත් වෙයි…

April 12, 2020 at 6:25 pm | by emanisa.lk

කොරෝනා ආසාධිතව හෝ ඒ බවට සැක කරන විට එම මෘත දේහ ආදාහනය කර දැමිය යුතු බව සඳහන් වන අතිවිශේෂ ගැසට් පත්‍රය (11) සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චිගේ අත්සනින් යුතුව නිකුත් වී තිබේ.

එහි සඳහන් වන්නේ එවැනි මෘතදේහ සේලිසියස් අංශක 800-1000ත් අතර උෂ්ණත්වයක් යටතේ විනාඩි 45 සිට පැයක් දක්වා කාලයක් දහනය කළ යුතු බවය.

නිසි බලධරයා විසින් අනුමත කරන සුසාන භූමියක් හෝ ස්ථානයක් බලධරයාගේ අධීක්ෂණය යටතේ තෝරා ගත යුතු බව ද සඳහන්ය.

එසේම එම මෘතදේහ නිසි බලධරයා විසින් බලය පවරා ඇති අයට මිස කිසිවෙකුට නිකුත් නොකළ යුතු බව ද සඳහන්ය.

පසුගිය සමයේ මුස්ලිම් දේශපාලකයන්, සිලෝන් තවුහිද් ජමාත් කණ්ඩායම, තානාපති කාර්යාල පිරිස් මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන ද මුස්ලිම් ජාතීකයන්ගේ කොරෝනා ආසාදිත මරණ භූමදානය සඳහා අවසර දිය යුතු බවට විශාල හඬක් නැඟූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස