අපි කොරෝනාට එරෙහි සටන ජයගත්තා! රට විවෘත කරන්න සූදානම්! – නවසීලන්ත අගමැතිනිය

April 27, 2020 at 1:30 pm | by emanisa.lk

වෛරසයට එරෙහි සටන තම රට ජයගත් බව නවසීලන්තය පවසයි.

එරට අග‍්‍රාමාත්‍ය ජසින්තා ආර්ඩන් පවසන්නේ නවසීලන්තයෙන් මේ වන විට මූලාශ‍්‍රයක් නොමැති අලුත් රෝගීන් වාර්තා වන තත්ත්වයක් නොමැති බවයි.

ගත වූ පැය විසිහතරේද නවසීලන්තයෙන් රෝගීන් 9 දෙනෙකු පමණක් වාර්තා වී ඇති අතර කිසිදු මරණයක් වාර්තා වි නොමැත. ඒ අනුව අද මධ්‍යම රාති‍්‍රයේ සිට රටම වසා දමමින් ගෙන ඇති දැඩි සීමා රැසක් ලිහිල් කිරීමට නවසීලන්තයේ අවධානය යොමුව තිබේ.

කොරෝනා තුරන් කිරීමේ ඉලක්ක නවසීලන්තය සපුරා ඇති බව පවසන එරට සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් ඈෂ්ලි බ්ලූම්ෆීල්ඞ් දන්වා සිටින්නේ වෛසරය සම්පූර්ණයෙන්ම පරාජය කර ඇති බවට නොසිතන ලෙසයි.

මේ වනවිට නවසීලන්තයෙන් කොරෝනා රෝගීන් 1,486 ක් වාර්තා වන අතර ඉන් සියයට 80ක්ම මේ වන විටත් සුවය ලබා අවසන්ය.

ලංකාව් මේ වන විට ආසාදිතයන් 523ක් පමණ වාර්තා වන අතර මිය ගිය පිරිස 7කි. එලෙස මියගිය සියලු දෙනා විදෙස් රටවලදී කොරෝනා ආසාදිත පුද්ගලයන් වීම ද විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස