එකම රටේ නීතිය සැමට එකයි! තෙවන කොරෝනා මරණයත් ආදාහනය කරයි! (Vedio)

April 2, 2020 at 4:07 pm | by emanisa.lk

කොරෝනා වෛරසය ආසාදානය වී මියගිය මරදාන ප්‍රදේශයේ පදිංචිකරුගේ දේහය අද (02) පස්වරුවේ කොටිකාවත්ත ආදාහනාගාරයේදී අදාහනය කළ බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසීය.

කොරෝනා වෛරසය ආසාදනය වී අංගොඩ අයි.ඩී.එච්. රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී මියගිය තෙවන පුද්ගලයා වන මොහු අයි.ඩී.එච්. රෝහලට ඇතුලත් කර පැය කිහිපයක් තුළදී මියගොස් ඇත.

අදාළ පුද්ගලයා ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් අනතුරුව අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කිරීමෙන් පැය කිහිපයක් ඇතුලත අදාළ පුද්ගලයා මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසීය.

මෙම පුද්ගලයාගේ දිවි බේරා ගැනීමට අයි.ඩී.එච්. රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය මහත් වෙහෙසක් දැරුවද ඔහු නිදන්ගත රෝගවලින් මෙන්ම වකුගඩු රෝගයකට ලක්ව සිටි පුද්ගලයකු වීම හේතුවෙන් එම උත්සහය අසාර්ථක වූ බවද වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස