Corona# සැනසිලිදායක පුවතක්! දැඩි සත්කාරේ කිසිවෙක් නෑ!

April 26, 2020 at 9:49 am | by emanisa.lk

මෙරට කොරෝනා රෝගීන් අතුරින් අද වන විට කිසිදු රෝගියකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන්නේ නැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරයි.

දැනට රෝගීන් වැඩිම රෝගීන් ප‍්‍රමාණයක් කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින බවද ඔහු පැවසීය.

ඊට අමතරව මුල්ලේරියාව රෝහල, ඉරණවිල රෝහල, වැලිකන්ද රෝහල, කාත්තන්කුඩි රෝහල යන රෝහල්වල සෙසු රෝගීන් ප්‍රතිකාර ලබමින් සිටින බවද ඔහු සඳහන් කළේය.

දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලද පිරිස සුවපත් වූ අතර රෝගීන් 7 දෙනෙකු මරණයට පත්විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස