ලංකාවේ 7 වෙනි කොරෝනා මරණය වාර්තා වෙයි!

April 8, 2020 at 10:52 pm | by emanisa.lk

කොරෝනා වයිරසය ආසාදනය වී මෙරට තුළ මියගිය හත් වැනි මරණයත් අද (7) වාර්තා වන බව සෞඛ්‍ය සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ 48 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

ඔහු කොළඹ අයිඩිඑච් රෝහ‍ලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබේ.

මේ වනවිට ශ්‍රී ලංකාවේදී හමුවී ඇති කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 188 ක් වී තිබේ.

ඔවුන් අතුරින් 42 දෙනකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවත් 140 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස