ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යංශ පාස්කු ප්‍රහාරයට ගොදුරු වූ කතෝලිකයන් වෙනුවෙන් පෙනී සිටියේ නෑ! – කතෝලික සභාව

September 1, 2019 at 10:28 pm | by emanisa.lk

පාස්කු ඉරිදා සිදු කළ බෝම්බ ප‍්‍රහාරයෙන් පසු ක‍්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ක‍්‍රියා කලාපය ගැන කොළඹ අගරදගුරු මැදුර සෑහීමකට පත් වෙන්නේ නැතැයි කතෝලික සභාව සඳහන් කරයි.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයේදී විපතට පත් පවුල්වලට වන්දි මුදල් ලබාදී සිය වගකීමෙන් ගැලවීමට ක‍්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍යාංශය උත්සාහ දරන බවට කතෝලික සභාව චෝදනා කරයි.

පාස්කු ඉරිදා ඇති වූ අපරාධය පිළිබඳව පැවැත්වූ ජනාධිපති කොමිසම් වාර්තාව පවා අනාවරණය කරන ලෙස හඬක් නැගීමට උත්සාහ නොකරන බවද පෙන්වා දෙයි.

පාර්ලිමේන්තුවේ සිටින කිතුනු මැති ඇමැතිවරුන් පවා මේ පිළිබඳව නිහඬ වී සිටින බවද එම සභාවේ මාධ්‍ය ප‍්‍රකාශක ජූඩ් ක‍්‍රිශාන්ත පියතුමා පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස