ශ්‍රීලනිපයට ඡන්ද ලක්ෂ 25ක් තියෙනවා! මෛත්‍රී නාවොත් ගෝඨාට සහාය දෙනවා! – මුතුහෙට්ටිගම

August 13, 2019 at 4:40 pm | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් නොවන්නේ නම් එජාප විරෝධි කඳවුරට සහයෝගය ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම පවසයි.

ඒ සඳහා ජනාධිපති අපේක්ෂකයා සමග මෙන්ම පොදුජන පෙරමුණ ද සමග ද වෙන වෙනම ගිවිසුම් අත්සන් කරන බව ද පක්ෂයේ ගෞරවය ආරක්ෂා විය යුතු බව ද හෙතෙම අවධාරණය කරයි.

පසුගිය පළාත් පාලන මැතිවරණය අවස්ථාවේ ශ්‍රීලනිපයට ඡන්ද ලක්ෂ 15ක් තිබූ බවත් එය මේ වන විට ලක්ෂ 25 දක්වා වර්ධනය වී ඇති බවත් ඔහු පවසයි.

ඊයේ (12) ගාල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය අමතමින් හෙතෙම මෙසේ පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස