ජනාධිපතිතුමා තරඟ කරන්නේ නැත්නම් වෙන කෙනෙක් දානවා! – දුමින්ද (video)

March 20, 2019 at 4:33 pm | by admin

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමා යෝජනා කරන බව ද ඔහු තරඟ නොකරන්නේ නම් පමණක් වෙනත් අපේක්ෂකයකු පිළිබඳ සාකච්ඡා කළ හැකි බව ශ්‍රීලනිප ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පවසයි.

මේ වන විට පොදුජන පෙරමුණ සිය ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ නම් කර ඇති පසුබිමක සිය අපේක්ෂකයා කවුදැයි මාධ්‍ය විමසූ විට මන්ත්‍රීවරයා මෙසේ පැවසීය. අනුරාධපුරයේ පැවති පක්ෂ ප්‍රවර්ධන හමුවක දී ශ්‍රීලනිප ඉදිරි ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන බවට යෝජනාවක් ඉදිරිපත් කර එය සම්මත කරගත්තේ ද දුමින්ද දිසානායක විසිනි. පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය දෙස උපහාසයෙන් බලා සිටින බව මීට පෙර ඔහු ප්‍රකාශ කර තිබිණි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස