උතුරට ස්වයං පාලන අයිතිය දෙන්න! උතුරේ ජනමත විචාරණයක් පවත්වන්න! – විග්නේෂ්වරන් ජාත්‍යන්තර ප්‍රජාවෙන් උදව් ඉල්ලයි….

September 19, 2019 at 9:27 am | by emanisa.lk

උතුරු නැගෙනහිර ජනතාවට ස්වයං පාලනය ලබාගැනීම සඳහා ජනමත විචාරණයක් පවත්වන ලෙස හිටපු මහ ඇමැති සී. විග්නේෂ්වරන් ජාත්‍යන්තර ප‍්‍රජාවෙන් ඉල්ලා ඇත.

මෙම ස්වයං පාලනය ලබාදීම සඳහා ඉන්දියාව සහාය පළ කරන බවට ද්‍රවිඩ ජනතාව තුළ විශ්වාසයක් පවතින බව පැවසූ විග්නේෂ්වරන් තමිල්නාඩු ජනතාවද උතුරු නැගෙනහිර ජනතාවට සහාය පළකරන බව සඳහන් කරයි.

යාපනයේ පැවැති එළුගු තමිල් රැලිය පිළිබඳ අදහස් දක්වමින් උතුරේ ද්‍රවිඩ මාධ්‍ය අමතා ඔහු මේ බව පවසා ඇත.

මෙම එළුඟු තමිල් රැලිය තුළින් ඉන්දියාව ද්‍රවිඩ ජනතාව පිළිබඳව දරන ආකල්පය වෙනස් වනු ඇතැයි බලාපොරොත්තු වන බවද හෙතෙම තවදුරටත් සඳහන් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස