ඇප කැන්සල් අනුර ජවිපෙ නායකත්වයෙන් ඉවතට!නායකත්වය ලාල්කාන්තට!

December 21, 2019 at 4:48 pm | by emanisa.lk

අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

ජනාධිපතිවරණයේදී ලැබූ පරාජයේ වගකීම භාර ගනිමින් ඔහු මෙසේ ඉල්ලා අස්වීමට සූදානම් වී ඇති බවත් ඒ බව දේශපාලන මණ්ඩලයට දැනුම් දී ඇති බවත් පැවසෙයි.

ජනාධිපතිවරණයෙන් පසු පැවති පළමු දේශපාලන මණ්ඩල රැස්වීමේදී දැඩි උණුසුම්කාරී මුහුණුවරක් ගත් බවද එම වාර්තාවල දැක්වේ.

ජනාධිපතිවරනයෙන් අනුර දිසානායක ලබා ගත්තේ 3%ක් පමණ වූ ඡන්ද ප‍්‍රතිශයක් වන අතර එය 5%ට අඩුවීම හේතුවෙන් ඇප මුදල පවා රාජසන්තක විය.

ජනතා විමුක්ති පෙරමුණේ ඊළඟ නායකත්වය කේ.ඩී. ලාල්කාන්තට හෝ බිමල් රත්නායකට හිමි වනු ඇතැයි ද සඳහන් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස