ගෝඨාගේ ආධාරකරුවන්ට පහරදුන් පැල්මඩුල්ල හිටපු එජාප සභාපති රිමාන්ඩ්!

October 18, 2019 at 8:35 pm | by emanisa.lk

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්‍ෂ සහභාගිවූ රැස්විමකට එක්ව ආපසු යන්න සුදානම් වූ පාක්ෂික පිරිසකට පැල්මඩුල්ල නගරයේ දී පහරදී තුවාල සිදුකළ බවට සැකපිට අත්අඩංගුවට පත් පැල්මඩුල්ල ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා මේ මස 28 දක්වා රිමාන්ඞ් භාරයේ තබන ලෙස පැල්මඩුල්ල මහේස්ත‍්‍රාත් රසාංජලා පෙරේරා ඊයේ (17) නියෝග කළාය.

මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණේ පැල්මඩුල්ල ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙක් වූ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන එල්.පී. ජයන්ත යන අයයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස