එජාප කැණිමඩල ඇවිළෙයි! ඇමති වසන්ත සහ තවත් එජාප ප්‍රබලයෙක් ගෝඨාගේ වේදිකාවට!

October 29, 2019 at 12:29 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් දෙදෙනකු ඉදිරි දින කිහිපයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහාය පළ කිරීම සඳහා එක්වීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක ඉදිරි දින කිහිපයේදී ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ වේදිකාවට ගොඩවීමට නියමිතය. ඒ අතර තවත් එජාප ප්‍රබලයෙක් ද ගෝඨාභය රාජපක්ෂගේ වේදිකාවට නැඟීමට සූදානම් වෙයි.

මේ නිසා එජාප නායකයන් අතර දැඩි කැළඹීමක් හටගෙන ඇති අතර තත්ත්වය පාලනය කර කෙසේ හෝ මොවුන් පක්ෂයේ රඳවා ගැනීමට විශාල වෙහෙසක් දරන බව ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස