තම ප්‍රතිපත්ති සහ සැලසුම් පිළිබඳ සජීවී රූපවාහිනි විවාදයකට පැමිණෙන ලෙස සජිත් ප්‍රේමදාස විසින් ගෝඨාභය රාජපක්ෂට ලිපියක් ලියමින් ඉල්ලා තිබේ.
ජනතාව මෙන්ම තමා ද බලා සිටින්නේ එම විවාදය පැවැත්වෙන තුරු බව ද එහි වැඩි දුරටත් සඳහන් වෙයි.
ජනාධිපති අපේක්ෂකයන්ගේ හැකියාව, චරිතය සහ දැක්ම පිළිබඳ එවැනි විවාදයක් මගින් මිස වෙනත් ආකාරයකට ජනතාවට මැනවින් අවබෝධ කරගත නොහැකි බව ද එහි සඳහන් වෙයි.