සජිත් වගේ කවටයෙක් එක්ක විවාදෙකට ගෝඨා නෙමේ, අපිවත් යන්නේ නෑ! – ශෙහාන් සේමසිංහ

October 27, 2019 at 3:41 pm | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස සමග විවාදයට යා යුත්තේ කවර කරුණු අරබයා දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ විමසයි.

ගෝඨාභය රාජපක්ෂ මේ වන විට සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර තිබුණ ද සජිත් ප්‍රේමදාසට සිය ප්‍රතිපත්ති ප්‍රකාශය පවා මෙතෙක් එළිදක්වා ගැනීමට නොහැකි වී ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

තැපැල් ඡන්දයට පෙර සිය ප්‍රතිපත්ති ප්‍රකාශය පවා ඉදිරිපත් කරගත නොහැකි දේශපාලන කවටයකු සමග ගෝඨාභය රාජපක්ෂ වැනි ගෞරවාන්විත චරිතයක් නොව තමා වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පවා විවාදයට යෑම සුදුසු නැති බව ඔහු අවධාරණය කරයි.

පසුගිය දස වසර පුරා කිසිදු රූපවාහිනි සජීවී දේශපාලන වැඩසටහනකට සහභාගී නොවූ සජිත් ප්‍රේමදාස ගෝඨාභය රාජපක්ෂට විවාදයකට අභියෝග කිරීම තවත් ආකාරයක විහිළුවක් බව ශෙහාන් සේමසිංහ පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස