ෆොන්සේක අපේ පක්ෂයට වගේම දේශපාලනයටත් ආධුනිකයෙක්! ඔහු සුදුසු එජාප ආසන සංවිධායකකමකට විතරයි! ආධුනික ඔහු කියන දේවල් ගණන් ගන්නත් එපා! – නලින් බණ්ඩාර

September 6, 2019 at 6:52 pm | by emanisa.lk

සරත් ෆොන්සේකා එක්සත් ජාතික පක්ෂයේ කනිෂ්ටයකු මෙන්ම දේශපාලනයට ආධුනිකයකු බව නියෝජ්‍ය ඇමති නලින් බණ්ඩාර පවසයි.

2013 පැවති පළාත් සභා මැතිවරණයේ දී ඡන්ද ලක්ෂ 04ක් පමණ ලබා ගත් ෆොන්සේකා අනතුරුව 2015 මහා මැතිවරණය වන විට ඡන්ද විසිපන්දහසකට සීමා වූයේත් පාර්ලිමේන්තුවට පැමිණීමට නොහැකි වූයේත් ඒ අපරිණතකම නිසා බව හෙතෙම පවසයි.

ඔහු සිය ආධුනිකත්වය මේ දිනවල ප්‍රදර්ශනය කරමින් සිටින බවත් ඔහු වැනි ආධුනිකයකු මේ දිනවල කරන ප්‍රකාශ එතරම් සැලකිල්ලට ගතයුතු නැති බවත් නියෝජ්‍ය ඇමතිවරයා පවසයි.

160 ගණනක් වන ආසන අතරින් කැලණිය ආසනයේ සංවිධායක ධුරයට ඔහු සුදුසු වුවත් පක්ෂ නායකත්වයට හෝ ජනාධිපති අපේක්ෂකත්වයට ඔහු සුදුසු නැති බව ද ඔහු පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙන් බන්දේසියක තබා ජනාධිපති අපේක්ෂකත්වය නොදී පක්ෂය තුළ සංවාද විසංවාද කරමින් මහජන මතයට ගරු කරමින් ජනාධිපති අපේක්ෂකයා තේරීම ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයක් බව ද ඔහු සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස