සජිත් පිලේ කුරුණෑගල රැලිය අල කරන්න ඇමති අකිල බරටම වැඩ! මැති ඇමතිවරුන්ට පාක්ෂිකයන්ට රැලියට නොයන්නැයි බලපෑම්!

September 1, 2019 at 9:58 pm | by emanisa.lk

කුරුණෑගල සජිත් එනවා රැලිය කඩාකප්පල් කිරීමට කුරුණෑගප එජාප නායක සහ එජාප මහ ලේකම් ඇමති අකිල විරාජ් කාරියවසම් දැඩි උත්සාහයක නිරත වන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා බවට පත්කිරීමේ අරමුණින් රට පුරා සංවිධානය කරන සජිත් එනවා රැලි මාලාවේ කුරුණෑගල රැලිය මේ මස 05 වෙනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහගේ අතිශය සමීපතමයකු වන ඇමති අකිල විරාජ් මේ වන විටත් පක්ෂයේ මැති ඇමතිවරු කිහිප දෙනෙකු දුරකතනය ඔස්සේ අමතමින් රැලියට සහභාගී නොවන ලෙස ඉල්ලා තිබේ.

එසේම තමා නායකත්වය දරන කුරුණෑගල දිස්ත්‍රික්කයේ රනිල් විරෝධී රැලියක් සාර්ථක ලෙස පැවැත්වීම තමන්ගේ නොහැකියාව ලෙස අගමැතිවරයා දකී යැයි බියට පත්ව ඇති ඇමති අකිල මේ වන විට සිය හිතවතුන් සහ ආධාරකරුවන් මාර්ගයෙන් කුරුණෑගල එජාප පාක්ෂිකයන් රැලියට සහභාගී වීම වැළැක්වීම සඳහා සියලු වෙර වීරිය දරමින් ඇතැයි ද වාර්තා වෙයි.

කෙසේ වුවද කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන අශෝක අබේසිංහ, නලින් බණ්ඩාර යන ඇමතිවරු හා මන්ත්‍රී තුෂාර ඉඳුනිල් එම රැලිය උපරිම ඉහළින් පැවැත්වීම සඳහා කටයුතු සංවිධානය කරමින් ඇතැයි දැන ගන්නට ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස