සජිත් දිනුවොත් අගමැති මමයි! – රනිල් සජිත් පිල හාන්සි කරයි….

October 30, 2019 at 12:37 pm | by emanisa.lk

එක්සත් ජාතික පෙරමුණු ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කළහොත් තමා දිගටම අගමැතිවරයා ලෙස කටයුතු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

දැන් කොළඹ පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය සජිත් ජනාධිපති අපේක්ෂකයා කළ අවස්ථාවේ තව දුරටත් පක්ෂ නායකත්වය රනිල්ට ලබාදීමටත් අගමැති ධුරය ද රනිල්ට ලබාදීමටත් යෝජනා සම්මත විය.

එහෙත් සජිත් පාර්ශවය ඊට පසු අගමැති අපේක්ෂකයා පිළිබඳ කතා නොකර සිටීමට වගබලාගත් අතර පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ලබන පුද්ගලයා අගමැති ධුරයට පත්කරන බව සඳහන් කළේය.

දකුණේ ජනතාව රනිල් දිගින් දිගටම ප්‍රතික්ෂේප කරන අතර උතුරේ ජනතාව රනිල් ඉල්ලා සිටීම විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස