ශ්‍රීලනිප මතයට එරෙහි වූ චන්ද්‍රිකා අත්තනගල්ලෙන් පන්නයි! වැඩබලන සංවිධායක ලෙස ලසන්ත අලගියවන්න පත්කරයි!

November 7, 2019 at 8:42 am | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත්තනගල්ල ආසනයේ ප‍්‍රධාන සංවිධායිකාව ලෙස කටයුතු කරනු ලබන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග වෙනුවට වැඩ බැලීම සඳහා ගම්පහ දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න පත් කර ඇත.

පක්ෂ තීන්දුවට පිටින් ගොස් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහයෝගය දීම සඳහා ගිවිසුමකට අත්සන් කිරීම සහ සුගතදාස ක්‍රීඩාංගණයේ සමුළුවක් පැවැත්වීමටත් චන්ද්‍රිකා කුමාරතුංග කටයුතු කිරීම පදනම් කර ගනිමින් පෙරේදා (5) පැවැත්වූ පක්ෂ මධ්‍යම කාරක සභාවේදී ගත් ඒකමතික තීන්දුවක් මත මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස