වැල ඕපන්! එජාප ප්‍රබලයන් 05ක් නුදුරේදීම පොහොට්ටුවට! තවත් ප්‍රාදේශීය නායකයන් රොත්තක් පෝලිමේ!

October 30, 2019 at 9:16 am | by emanisa.lk

ඉදිරි දින කිහිපය තුළදී එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රබල දේශපාලනඥයින් පස්දෙනෙකු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂට සහයෝගය පළකිරීමට එක්වීමට සූදානම් බව වාර්තා වෙයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව හෙළිදරව් කළේය.

මෙම පිරිස සමග ගෝඨාභය රාජපක්‍ෂට සහයෝගය පළකිරීම සම්බන්ධයෙන් කෙරුණු සාකච්ඡා අවසන්ව ඇති බවත් ඉදිරි දිනවලදී ඔවුන් සිය කඳවුරට එක්වනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

මේ සමග ඉදිරි දිනවලදී ප‍්‍රාදේශීය මට්ටමේ එ. ජා. ප. දේශපාලනඥයන් පිරිසක් ද ගෝඨාභය රාජපක්‍ෂට සහයෝගය පළකිරීමට සූදානමින් සිටින බවද මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස