රංජන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි! 

January 14, 2020 at 11:42 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු රංජන් රාමනායකගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට එජාපය තීරණය කර තිබේ.

එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මේ බව සඳහන් කළේය.

දුරකථන සංවාද පටිගත කිරීම ඔස්සේ ඔහු පක්ෂය අපකීර්තියට පත්කර ඇති බව එජාප නායක රනිල් වික්‍රමසිංහ මෙයට පෙර පවසා තිබිණි.

රංජන් රාමනායකගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවන තීන්දුවට කිසිවකු එරෙහි වූ බවක් වාර්තා වන්නේ නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස