මැතිවරණ ප්‍රචාරක කටයුතු නිම වී පැය 12යි! ඩිජිටල් ඇමති අජිත් පී. මැතිවරණ නීති කඩයි! (video)

November 14, 2019 at 1:59 pm | by emanisa.lk

ඇමති අජිත් පී. පෙරේරා ෆේස්බුක් සමාජමාධ්‍ය ජාලය භාවිත කරමින් මැතිවරණ නීති කඩමින් සිටින බවට චෝදනා නැඟෙයි.

ඇමතිවරයා අද (14) දහවල් 12ට පමණ සිය ෆේස්බුක් පිටුවට වීඩියෝවක් එකතු කරමින් සිය පාක්ෂිකයන් අමතමින් පවසන්නේ බිය නොවන ලෙසත් සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කරන බවත් ජනතාව සජිත්ට ආදරේ බවත්ය.

ඊයේ මධ්‍ය රාත්‍රී 12ට පසු කිසිදු මැතිවරණ ප්‍රචාරක කටයුත්තක් කිරීම තහනම් අතර අජිත් පී. පෙරේරා මෙම වීඩියෝව නිකුත් කර ඇත්තේ මැතිවරණ ප්‍රචාරක කටයුතු තහනම ක්‍රියාත්මක වන පසුබිමක බවට බොහෝ පිරිසක් චෝදනා කරති.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස