ජනාධිපතිවරණයට පෙර තම ශක්තිය උරගා බලන්න ජනපති සූදානම්! ඌවත් විසුරුවා පළාත් සභා මැතිවරණය තියන්න සැරසෙයි!

July 17, 2019 at 12:28 am | by emanisa.lk

2019 ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව පළාත් සභා නවය අතරින් දැනට ක්‍රියාත්මක වන එකම පළාත් සභාව වන ඌව පළාත් සභාව ද විසුරුවා හැර සියලු පළාත් සභා සඳහා මැතිවරණය එකම දිනයක පැවැත්වීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

2019 ඔක්තෝබර් 08 වනදාට කාලය අවසන් වීමට නියමිතව ඇති ඌව පළාත් සභාව මේ සතිය තුළ විසුරුවා හැරෙනු ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙහිදී තීරණාත්මක ජනාධිපතිවරණයට පෙර තම තමන්ගේ ශක්තිය උරගා බැලීමට සියලු පාර්ශ්වයන්ට අවස්ථාව හිමිවනු ඇති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ගොඩනැඟීමට නියමිත සන්ධානය ද ඉතා කඩිනමින් ගොඩනැඟීමට සිදුවනු ඇත.

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කිසිදු නීතිමය බාධාවක් නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ද දිගින් දිගටම අවධාරණය කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස