මහින්ද නම් කළොත් මෛත්‍රී ජනපති කරන්න අපි වැඩ කරනවා! – බැසිල්ගේ ප්‍රකාශයෙන් සමාජජාලා ඇවිළෙයි. (video)

March 14, 2019 at 8:06 am | by admin

මහින්ද රාජපක්ෂ නම් කරන ඕනෑම අපේක්ෂකයකු එළඹෙන ජනාධිපතිවරණයේ දී ජයග්‍රහණය කරවීමට තමා සහ තම පක්ෂය සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පවසයි. මහින්ද රාජපක්ෂ විසින් වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළහොත් ඔහු ජයග්‍රහණය කරවීමට ද තමන් සූදානම් බව හෙතෙම පවසයි.

කෙසේ වුවද එළඹෙන ජනාධිපතිවරණයට ජයග්‍රහණය කළහැකි අපේක්ෂකයකු මහින්ද රාජපක්ෂ නම් කරනු ඇතැයි ඔහු අවධාරණය කරයි.

ගෝඨාභය රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණය සඳහා සූදානම් යැයි ප්‍රකාශ කිරීම හොඳ දෙයක් බවක් සෙසු නායකයන් ද එසේ ප්‍රකාශ කරන්නේ නම් එය ජනතාවට පහසුවක් බවත් ඔහු පවසයි.

මේ අතර වර්තමාන ජනාධිපතිවරයා නැවත ජයග්‍රහණය කරවීමට පොදුජන පෙරමුණ සූදානම් යැයි ප්‍රකාශ කිරීමත් සමග බොහෝ දෙනා ෆේස්බුක් සමාජජාලා ඔස්සේ ඊට එරෙහිව නොයෙක් ආකාරයෙන් සිය විරෝධය පළ කරමින් සිටිති.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස