සන්ධාන නැතත් පොහොට්ටුවට දිනන්න පුළුවන්! සන්ධානය හැදුණොත් එජාපය ඉරවයි! – බැසිල්

February 7, 2019 at 9:19 am | by admin

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර එකඟතාවක් ඇති වුවත් නැතත් ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් ජයගැනීමේ හැකියාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පවසයි.

පොහොට්ටුව හා අත සලකුණු එකතු නොවුණත් අපිට මැතිවරණ ජය ගැනීමේ හැකියාව ඇති බව හෙතෙම පෙන්වා දෙයි. වැඩි දුරටත් ඔහු පවසන්නේ එය තමන් ඔප්පු කර ඇති බවය.

කෙසේ වුවද මේ පක්ෂ දෙක එකතු වුවහොත් එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයකට පත්කිරීමේ හැකියාව ලැබන බව බැසිල් රාජපක්ෂ අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *