බැසිල් හොඳ කුස්සියට! වේදිකාවට ගන්න තරම් ඔහුට ජනප්‍රසාදයක් නෑ!

February 17, 2019 at 4:23 am | by admin

බැසිල් රාජපක්ෂ හොඳ සංවිධායකවරයෙක් හෙයින් ඔහුට පොදුජන පෙරමුණු බලකොටුවේ පිටුපස කළමනාකරණ කාමරය ලබා දී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

වැඩි දුරටත් ඔහු පවසන්නේ බැසිල් රාජපක්ෂට ප්‍රධාන වේදිකාවේ තැනක් හිමි නොවන්නේ ඔහුට ජනප්‍රසාදයක් නොමැති නිසා බවය. කෙසේ වුවද සංවිධායකවරයෙක් ලෙස බැසිල්ගේ සහාය තමන්ට අත්‍යවශ්‍ය බව හෙතෙම පවසයි.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ තමන් අගය කරන යම් යම් දේශපාලන කරුණුවලට එකඟ වන්නේ නම් ඔහු ජනාධිපති අපේක්ෂකයා වීම කෙරහි තමන්ගේ අකමැත්තක් නැතැයි ද මන්ත්‍රීවරයා පැවසූයේ සනි අග පුවත්පතක් සමග සාකච්ඡාවට එක්වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *