ඡන්ද නොදෙන එජාපයට එරෙහිව නව පෙරමුණක්

January 21, 2019 at 5:41 am | by admin

එජාපය මැතිවරණ කල්දැමීමට කටයුතු කරනවා නම් ඊට ප්‍රජාතන්ත්‍රවාදීව මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබඳ වැඩපිළිවෙළක් විපක්ෂයේ සමාජවාදී එකමුතුව විසින් සකස් කර ඇති බව වාර්තා වේ.

ඉදිරි මැතිවරණයට විපක්ෂය දේශපාලන වශයෙන් හැඩගැසිය යුතු ආකාරය පිළිබඳව පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාත් විපක්ෂයේ දේශපාලන නායකයන් සමඟ එම වැඩපිළිවෙළ ගැන සාකච්ඡා කළ බව හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මහතා ප්‍රකාශ කළේය.

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ප්‍රමුඛ එජාප ආණ්ඩුව මැතිවරණ නොපවත්වමින් කටයුතු කිරීමට සැරසුණහොත් විපක්ෂයට මීට වඩා සංවිධානාත්මක ආකාරයකට ඊට මුහුණ දිය යුතු බව සඳහන් කළ විතාරණ මහතා මේ වනවිට දෙමළ ජාතික සන්ධානය සමඟ එක්ව කටයුතු කරන බවට එජාපයට චෝදනා එල්ලවන නිසා එය වළක්වා ගැනීම මැතිවරණ පැවැත්වීම පිළිබඳව එජාපය කතා කළද ඔවුන් මැතිවරණයක් පැවැත්වීම කවදා සිදුකරයිද යන්න පිළිබඳව ඇත්තේ සැක සහිත තත්ත්වයක් බවද පැවැසීය.

රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සමාජවාදී එකමුතුවේ නායකයන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට මැතිවරණය ලබා ගැනීම සහ ඉදිරි දේශපාලන කටයුතු සිදු කිරීම පිළිබඳව තම අදහස් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාටද ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස