බැසිල්ගේ පයිප්ප නඩුව යළි කල් යයි!

January 17, 2019 at 7:22 am | by admin

පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීමේ අරමුණින් දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් ලක්‍ෂ 365 ක් වැයකර ජී. අයි. පයිප්ප මිලදී ගැනීම ඇතුළු අධිචෝදනා යටතේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ හා දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් කිත්සිරි රණවක මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන මාර්තු 28 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා ඊයේ (16 දා) නියෝග කළේය.

එම නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාත් නවාවි මහතා විසින් විත්තිය විසින් පැමිණිල්ලෙන් ඉල්ලා තිබූ ලේඛන අතුරින් කිහිපයක් විත්ති පාර්ශ්වයට භාරදුන් අතර සෙසු ලේඛන ඉදිරි නඩු දිනයේදී ලබාදීමට පියවර ගන්නා බව ද කියා සිටියේ ය. විත්තිකරුවෝ දෙදෙනා ඊයේ (16 දා) අධිකරණය හමුවේ පෙනී සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස