විමල්ට ගම්මන්පිලට බැසිල්ගෙන් ප්‍රහාරයක්!

February 21, 2019 at 7:53 am | by admin

පොහොට්ටුවේ මීළඟ ජනාධිපති අපේක්‍ෂකයා කවුදැයි තීරණය කිරීමට හෝ සන්ධානගත වීම හෝ නොවීම තීරණය කිරීමට විමල් වීරවංශ හෝ උදය ගම්මන්පිල මන්ත‍්‍රීවරුන්ට කිසිම අයිතියක් නැති බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී චෝදනා එල්ල කරනු ලැබීය.

පොදුජන පෙරමුණේ පළාත් පාලන මන්ත‍්‍රී පිරිසක් විසින් පවත්වන ලද එම මාධ්‍ය හමුවේදී කියා සිටියේ එවන් සාකච්‍ඡා සඳහා වාඩිවිය යුත්තේ පොහොට්ටුව හැදු නායකයන් විනා විමල් වීරවංශ හෝ උදය ගම්මන්පිල වැනි අය නොවන බවත් ඔවුන් පොහොට්ටුවේ සුළු පක්‍ෂ පමණක් බවත්ය.

ජාතික නිදහස් පෙරමුණ හා පිවිතුරු හෙල උරුමය ලෙස ඔවුන් අදහස් පල කළාට කිසිම ප‍්‍රශ්නයක් නැති බවත් පොහොට්ටුවේ අයිතිය උදුරා ගන්නට එන්නට එපා යයි ඔවුනගෙන් ඉල්ලා සිටින බවත් ඔවු‍හු කියා සිටියහ.

පොහොට්ටුව නිර්මාණය කල නායකයන්ට ගරහමින් මිළඟ මැතිවරණවලදී වැඩි ඡන්දයෙන් දිනන්නට හිතන්න එපා යයිද ඔවුහු තව දුරටත් කියා සිටියහ.

මෙම මාධ්‍ය හමුවට මොරටුව නගරාධිපති සමන්ලාල් ප‍්‍රනාන්දු කොළඹ නාගරික මන්ත‍්‍රී දයාකාන්ත පෙරේරා ඇතුලු පිරිසක් සහභාගී වී සිටියහ.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස