පොහොට්ටුවේ ලොකු ගැටුමක්! බැසිල් ගම්මන්පිල මහින්ද ඉදිරියේ ගැටෙයි! (video)

February 23, 2019 at 8:02 am | by admin

ඒකාබද්ද විපක්‍ෂයේ පක්‍ෂ නායක හමුවේදී හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිව තිබේ.

මෙම තත්ත්වය ඇති වූයේ පළාත් පාලන ආයතනවල පුරප්පාඩු වන මන්ත‍්‍රී ධුර පිරවීමේ නිසි ක‍්‍රමවේදයක් සකස් කළ යුතු බවට ගම්මන්පිල විසින් කළ යෝජනාවක් සමගය.

‘ඔයාලට ඕ විදිහට වැඩ කරන්න බෑ. පොදුජන පෙරමුණ අයිති අපට. අපට ඕන විදිහටයි වැඩ වෙන්න ඕනෑ.’ යයි හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ පවසද්දී ගම්මන්පිල ඊට පිළිතුරු ලෙස ‘ඔයාට ඕන විදිහට නටන්න අපි ලෑස්ති නෑ. මතක තියාගන්න මහින්ද මහත්තය නිසයි අපි මෙතන ඉන්නෙ. මහින්ද මහත්තය නැත්නම් අපි පොහොට්ටුවෙන් ඉල්ලන්නෙත් නෑ.’යනුවෙනි.

‘තනියෙන් ඉල්ලුවේ නම් මන්ත‍්‍රී ධුර ගන්නෙ වෙන්නේ නෑනෙ.’ යයි පවසමින් මහින්ද රාජපක්‍ෂ ප‍්‍රශ්නයට මැදිහත් වෙද්දී ‘ඔබතුමා මතක තියාගන්න මෛත‍්‍රී ගුණරත්නගේ කෙසෙල් ඇවරියට 21ක් ශ‍්‍රීනාත්ගේ බල්බ් එකට මන්ත‍්‍රී ධුර 10ක් තියෙනවා. අපි ඊටත් වඩා දුර්වලයි කියල හිතුවද?’ යනුවෙන් ගම්මන්පිල විපක්ෂ නායක මහින්ද රාජපක්‍ෂට ද ක්ෂණිකව පිළිතුරු දී ඇත.

ඉන් අනතුරුව බැසිල් රාජපක්‍ෂ හා උදය ගම්මන්පිල අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වූ අතර මහින්ද රාජපක්‍ෂ මැදිහත් වී එය සමතයකට පත්කොට ඇත.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *