මම ජනාධිපති වෙලා කළුගල් සහ රතිඤ්ඤා කර්මාන්තය දියුණු කරනවා! සාදික්කා කරාබුනැටි ගම්මිරිස් අධිකාරියක් හදනවා!- සජිත්

November 6, 2019 at 10:46 pm | by emanisa.lk

ජනාධිපති වී සාදික්කා, කරාඹුනැටි, ගම්මිරිස් යන සුළු අපනයන භෝග වෙනුවෙන් අධිකාරියක් පිහිටුවන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසයි.

හාරිස්පත්තුවේ පැවැති ජනරැලියක් අමතමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

“සුළු අපනයන භෝගවන සාදික්කා, කරාඹුනැටි, ගම්මිරිස් වගාවන්වලින් තමයි මේ ප්‍රදේශයේ බොහෝ දෙනෙක් ජිවිකාව කරගෙන යන්නේ. අපේ රටේ හැම භෝගයකටම අපේ රටේ ආයතන දෙපාර්තමේන්තු තිබුණත් සුළු අපනයන භෝග සඳහා අපේ රටේ ඒකට රාජ්‍ය ආයතනයක් නැහැ.

ජනාධිපතිවරණ ජයග්‍රහණයත් සමග ලංකාවේ සුළු අපනයන භෝගවගාකරුවන් වෙනුවෙන් වෙනමම අධිකාරියක් පිහිටුවනවා. ගම්මිරිස්, සාදික්කා, කරාඹු නැටි වැනි භෝගවලට සහතික මිලක් ලබාදීලා මේ කර්මාන්ත කරගෙන යන සියලු දෙනාගේ ජන ජීවිතය ශක්තිමත් කරනවා.

ජනාධිපතිවරයා ලෙස මා වගකිම් භාරගත්තාට පසු මේ තිබෙන්නාවූ සීමාවන් ලිහිල් කරලා පරිසරයට අහිතක් නොවන ලෙස හානියක් නොවන ලෙස කළුගල් කර්මාන්තයත් රතිඥ්ඤා කර්මාන්තයත් නගා සිටුවන්න කටයුතු කරනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස