මං ජනාධිපති වෙලා හිටපු ජනාධිපති පවුල් නඩත්තුව නවත්තනවා! එයාලට පොඩි පිං පඩියක් හදලා දෙනවා! – අනුර

September 12, 2019 at 2:54 pm | by emanisa.lk

ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළහොත් රටේ හිටපු කිසිම ජනාධිපතිවරයෙකු නඩත්තුව සඳහා රටේ මහජන මුදල් වියදම් නොකරන බවත් ඔවුන් නඩත්තුව සඳහා මහජන ආරක්ෂණ අරමුදලකින් දීමනාවක් පමණක් ගෙවීමට පියවර ගන්නා බවත් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ඊයේ (11) කුරුණෑගල පැවැති ජන හමුවකදී ප්‍රකාශ කළේය.

මෙතෙක් හිටපු ජනාධිපතිවරුන් සේම මියගිය ජනාධිපතිවරුගේ දරුවන් සහ භාර්යාවන් නඩත්තු කිරීම සඳහා මේ වනවිට අති විශාල මහජන මුදලක් වැය කිරීමට සිදුව ඇතැයිද එය රටේ ආර්ථිකයට දැරිය නොහැකි බරක් වී ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.

ජේ.ආර්.ජයවර්ධනගේ පටන් මහින්ද රාජපක්ෂ දක්වා මෙතෙක් සිටි සියලුම ජනාධිපතිවරුන්ට තනතුරෙන් ඉවත් වීමෙන් පසුව වාසය කිරීම සඳහා සැප පහසු නිවාස පවා ලබාදී ඇති බව පෙන්වා දුන් දිසානායක මහතා මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයෙන් විශ්‍රාම යාමටත් පෙරම ඉදිරියේ වාසය සඳහා කොළඹින් මේ වනවිට සැප පහසුකම් සහිත සුවිසල් නිවසක් ඉදිකරගෙන ඇති බවද පැවසීය.

කෙසේ වුවද මන්ත්‍රී විශ්‍රාම වැටුප පිළිබඳ හෙතෙම කිසිවක් සඳහන් කළේ නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස