බුද්ධ දේහය ආදාහනය කළේ විෂබීජ නසන්නද? – අත්තනායක එම්. හෙරත්ට පිළිතුරු…

April 10, 2020 at 4:27 pm | by emanisa.lk

“අංගාර සෑය තියෙන්නේ බුදුරදුන්ගේ ශ්‍රී දේහය දවා භස්ම කළ තැන.උන්වහන්සේ ගේ දේහය දවා අලු කළේ අපි පැඟිරි දරවලින් .අර රෝග බීජ අපට බෝවන එක වළක්වන්න නෙමෙයි.ඒත්.. ඒ පැඟිරි කොළ වලින් දැවූ බුදු පියාණන්ගේ යම් විසක් තිබුන නම් ඒ විස පොළව අැතුළට ගිහින් ජල නිධිවලට යන්න ඉඩ නොදෙන්නයි.ඒ නිසා දවා අළු කිරීම ආදාහනය කිරීම අතිවිශිෂ්ඨ දෙයක් ලෙස බුදු දහම අපට ඉගැන්වූවා ”

– අත්තනායක එම් හේරත්-

තථාගතයාණන් වහන්සේ නමක් පරිනිර්වාණයේදී ශ්‍රී ශරීරය දැවී යෑමට අදිටන් කරනුයේ එය සියලු බුදුවරුන් ගේ ධර්මතාවයක් බැවිනි.දීර්ඝායුෂ්ක බුදුවරුන් ගේ ශ්‍රී ශරීරය දැවී ධාතු වහන්සේ නොවිසිර ධාතුන් වහන්සේලා ඒකඝනව එකතුව ඒ තුලින් එකම චෛත්‍යයක් බැදුනද අල්පායුෂයෙන් පිරිණිවන් පෑ බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී ශරීරය මස් ලේ දැවී හලුව ධාතූන්වහන්සේලා විසිරී යන්නේ මතු ජනීජනයාට එයින්අත්වන සුගතිගාමී දිවියටඅනුබලයක් ලෙසිනි.අප බුදුරජාණන් වහන්සේ ගේද ශ්‍රී ශරීරයේ කේශධාතූන් වහන්සේලා පවා ඉතිරිව පවතිද්දී ඒ ශරීරයේ විසක් හැරීමට සියලු ඍර්ධි ප්‍රාතිහාර්යෙන් අගතැන්පත් උන්වහන්සේට ශක්තියක් නොවීද? කිසිම අටුවා ටීකාවක නොමැති භාග්‍යවතුන් වහන්සේට නින්දා කරනා සුළු මෙවැනි මත ප්‍රකාශය ඉතා පිළිකුල්ය.

අද සංවාද මණ්ඩපයන්ට ගෙන්වන ⁣බොහෝ උගත්යැයි සම්මත ප්‍රවීනයන් තමන්ගේ විෂය කතා නොකර තමාට අවිෂය වූ කාරණා කතා කරන්නට ගොස් හත්පලේ ගාගනිති.ගොවිතැන ගැන කතා කර යුතු කෙනා ගොවිතැන ගැන කතා කරනවා විනා නොදන්නා කාරණා ප්‍රකාශ කරන්නට ගොස් බොහෝ විකෘර්ති ඇති කරවනු ලබයි.

සංස්කෘත භාෂාව, සාහිත්‍ය කලා ආදී ලියා තිබෙන සියලු කාව්‍යාලංකාරාදිය උගත් පමණින් එවැනි මනුෂ්‍යා රවටන්නාවූ කාමාදි ආශ්‍රව වර්ධනය කරන නිස්සාර බොරු ගොතනා උගත්යැයි කියා ගන්නා මෙවැනි චරිත දහම් සාකච්ඡා සඳහා ගෙන්වා ගැනීම දහම් විකෘර්තියේ තවත් පැතිකඩක් ලෙස කිව හැකිය.

එසේම එවැනි ශ්‍රාස්ත්‍රයන් ආගමයට වඩා ගරු කොටභාවිතා කරන්නාවුන්ගේ සම්‍යක් දෘෂ්ටිය හාත්පසින් කිලිටි වී ශාස්වතෝචෙඡදාදි දෘෂ්ටි වැළඳ ගෙන නොදැනුවත්වම අපායටද ළංවේ.චරිත ලක්ෂණ යන්ගෙන්ද පිරිහී ගිය මූඪ පිරිස් ජන මාධ්‍යට ගෙන ඒම විශාල විපතකි.මොවුන්ගේ රචනාවන් කියමන් නිතර භාවිතා කරන පිරිසටද ඔවුන් මෙන්ම මිසදිටු බවට වැටීමට සිදු වනු ⁣නියතය.

nisala samadhi fb

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස