බුදු හාමුදුරුවෝ නාලාගිරි මෙල්ල කළේ අලි මන්තරයක් කියලා! මමත් බෞද්ධ ඉස්ලාම් අලි මන්තර දන්නවා! ඕන නම් සීගිරියේ දී ඔප්පු කරන්නම්! – සජිත්

September 14, 2019 at 6:21 pm | by emanisa.lk

වල් අලි නතර කර මෙල්ල කළ හැකි ගාථා කුරානයේ ඇතැයි ඇමති සජිත් ප්‍රේමදාස පවසයි. එම ගාථාව කී විගස ගහන්න එන වල් අලි එතනම නතර වන බව හෙතෙම සඳහන් කරයි.

එසේම බුදුන් වහන්සේට පහර දීමට නාලාගිරි ඇතු පැමිණෙන විට දමනය කළ නාලාගිරි දමනය නම් ගාථාවක් ඇතැයි ඇමතිවරයා හෙළි කළේය. එම ගාථාව කියන විට ද ගහන්න එන වල් අලි නතර වන බව ඇමතිවරයා අවධාරණය කළේය.

සමහරු තමා මේවා කියන විට විහිළුවට ගන්නා බවත් අවශ්‍ය නම් හෙටම කලා වැවට ගොස් වල් අලියකු දමනය කර පෙන්වීමට තමා සූදානම් බවත් හෙතෙම ප්‍රකාශ කළේය. තමා එම අත්දැකීම ලබා ඇතැයි ද ඇමතිවරයා අනාවරණය කළේය.

කෙසේ වුවද පසුගියදා ඇමතිවරයාගේ ගම් උදාවක් සඳහා අලි වැටක් ගලවා දැමීම නිසා ගම් වැදුණු අලියකු පහර දී මිත්තනියක සිය කුඩා මිනිබිරිය සමග මරණයට පත්විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස