බුදුන් වහන්ස් දෙවන වරට ලංකාවට වැඩම කළ බක් පුර පසළොස්වක පොහොය අදයි!

April 19, 2019 at 7:44 am | by admin

බුදු පියාණන් වහන්සේ දෙවන වරට මෙරටට වැඩම කරවීම ඇතුළු වැදගත් සිදුවීම් රැසක් සිදුවූ බක්පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ.

චූලෝදර මහෝදර නා රජුන් දෙදෙනා අතර මැණික් පුටුවක් අරබයා ඇති වූ ආරවුලක් විසඳීම සඳහා බුදුරජාණන් වහන්සේ බක් පුරපසළොස්වක පොහෝ දිනක නාගදීපයට වැඩම කළ බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි.

එමෙන්ම මහෝදර නා රජුගේ ඥාතියෙකු වූ මණිඅක්ඛිත නාගරාජයා තෙවන වරට කැලණියට වැඩම කරන ලෙස බුදුරජාණන් වහන්සේට ආරාධනා කරනු ලැබුවේද අද වන් බක් පොහෝ දිනකය.

මීට අමතරව සතර පෙර නිමිතිවලින් පළමු වෙනි පෙර නිමිත්ත සිදුහත් කුමාරයාගේ ඇස ගැටීම ඇතුළු තවත් වැදගත් සිද්ධි රැසක් අද වන් බක් පොහෝ දින සිදුව තිබේ.

අද දිනය පුරා දිවයිනේ බොහෝ වෙහෙර විහාරස්ථානවල දාන, ශීල, භාවනා වැඩසටහන්වලට මුල් තැන දෙමින් ආගමික වතාවත් රැසක් සිදුකෙරෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *