පොහොට්ටුව සන්ධානය හැදුවේ මෛත්‍රී සමග නෙමෙයි ශ්‍රීලනිපය සමගයි! සන්ධානවලට හිටියා කියලා වැරදිකාරයන්ට බුරුලක් නෑ! -අනුර ප්‍රියදර්ශන යාපා

February 18, 2020 at 5:33 pm | by emanisa.lk

පොදුජන පෙරමුණ සන්ධානගත වූයේ ශ්‍රීලනිපය සමග මිස මෛත්‍රීපාල සිරිසේන සමග බවත් කිසියම් පුද්ගලයකු නීතිය හමුවට කැඳවන්නේ නම් එයට සන්ධානය බාධාවක් නොවන බවත් එයට මුහුණ දීම අදාළ පුද්ගලයාගේ වගකීමක් බවත් රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පවසයි.

පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ගොඩනැගූ නව සන්ධානය හරහා විවිධ මතදරමින් සිටි පිරිස් එක් කිරීමේ ගෞරවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට හිමිවිය යුතු බව ද හෙතෙම පැවසීය.

අද(18) පෙරවරුවේ බත්තරමුල්ල නෙළුම් මාවතතේ පිහිටි පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු හෙතෙම පවසා සිටියේ, සන්ධානයේ තීන්දු තීරණ නායකයන් එක්ව ගන්නා බවත් පසුගිය ජනාධිපතිවරණයේ සිටම සන්ධාන නිර්මාණය වී තිබුණු අතර මෙහිදී සිදුව ඇත්තේ එය නීත්‍යානුකූල වීම බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස