ඕනෑම අභියෝගයකට සූදානම්! චමල් රාජපක්ෂත් ජනාධිපතිවරණයට! ඇප මුදල් තැන්පත් කරයි!

October 4, 2019 at 5:49 pm | by emanisa.lk

ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස චමල් රාජපක්ෂ වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ ඇප මුදල් තැන්පත් කර ඇති බව වාර්තා වෙයි.

මෙම සන්ධානය පිළිගත් දේශපාලන පක්ෂයක් නොවන බැවින් එය අයත් වන්නේ වෙනත් දේශපාලන පක්ෂ හෝ ස්වාධින අපේක්ෂකයෙක් ලෙසට බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කරයි.

මෙම ඇප මුදල් තැන්පත් කිරීම සිදුකර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂගේ අපේක්ෂකත්වය අහිමි කිරීමට දිගින් දිගටම සිදුවන කුමන්ත්‍රණවලට මුහුණ දීමේ පියවරක් ආකාරයට බව එම පක්ෂ අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස