අපි තරඟ කරන්නේ පුටුවෙන්! වෙන වෙන කතා කියන්නේ නොදන්න අය! – ගම්මන්පිල

December 4, 2019 at 2:54 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි මැතිවරණ සඳහා තරඟ කරන්නේ පුටුව සලකුණ යටතේ බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පුළුල් සන්ධානයක් යටතේ ඉදිරි මැතිවරණය සඳහා තරඟ වැදීමට ගිවිසුම් අත්සන් කර ඇති බවත් එහි සලකුණ පුටුව බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

පොදුජන පෙරමුණ පොහොට්ටුටව යටතේ තරඟ කරනවා යැයි පවසන්නේ මෙම ගිවිසුම් ගැන නිවැරදි අවබෝධයක් නැති අය සහ පෞද්ගලික ආසාවන් ඇති අය බව ඔහු පවසයි.

එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක දී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස