ප්‍රේමලාල්ට මරණ දඬුවම දෙන්න බැරි වුණොත් මම දලු කඩන්න යනවා කීවේ නෑ! අපට තේ වතු තිබ්බට දලු කඩන්න නිපුණතාවක් මට නෑ! – තලතා

September 12, 2020 at 7:20 am | by emanisa.lk

පේ‍්‍රමලාල් ජයසේකරට මරණ දණ්ඩනය ලබාදීම සඳහා අධිකරණ අමාත්‍ය ධුරයේ බලතල භාවිතා කිරීමට තරම් පහත් පෙළේ ‘පේමන්ට්’ දේශපාලනයක් තමන් සිදුකර නැති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී තලතා අතුකෝරළ පාර්ලිමේන්තුවේදී ඊයේ (09) ප‍්‍රකාශ කළාය.
 
 පාර්ලිමේන්තු මන්ත‍්‍රී පේ‍්‍රමලාල් ජයසේකර පාර්ලිමේන්තුවේදී පෙරේදා (08) කරන ලද ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත‍්‍රීවරිය එසේ කීවාය.
 
 ඔහුට මරණ දඬුවම ලබා දීමට නොහැකි වුවහොත් වත්තේ දලූ කැඞීමට යන බවට එවකට අධිකරණ ඇමැතිවරිය ප‍්‍රකාශ කළා යැයි පේ‍්‍රමලාල් ජයසේකර ඊයේ පාර්ලිමේන්තුවේදී කරන ලද ප‍්‍රකාශය පිළිබඳව කනගාටු වන බවත් හිටපු අධිකරණ ඇමතිනිය කීවාය.
 
 තේ වතුවල අයිතිය තිබුණත් තමාට තේ දලූ කැඩීමට නිපුණතාවක් හෝ දක්‍ෂතාවක් නැති බවත් තමාව ඒ තත්ත්වයට පත් කරන්නට නොහැකි බවත් මන්ත‍්‍රීවරිය එහිදී පැවසුවාය.
 
 විනිසුරුවන්, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග තමා මේ නඩුව සම්බන්ධයෙන් කතා කර නැති බවත්, සාක්‍ෂිකරුවන් 42
 දෙනකුගෙන් සාක්‍ෂි විමසා පේ‍්‍රමලාල් මහතාට මරණ දඬුවම දී ඇති බවත් මන්ත‍්‍රීවරිය කීවාය.
 
 මරණ දඬුවම නියමව සිටින අයෙකුගේ මානසික තත්ත්වය පිළිබඳව තමාට සිතා ගත හැකි බවත් එහෙත් මෙවැනි චෝදනා එල්ල කිරීම හෙළාදකින බවත් මන්ත‍්‍රීවරිය තවදුරටත් පැවසුවාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස