ප්‍රේමලාල් ජයසේකරට මන්ත්‍රීකමේ දිවුරුම් දෙන්න මරණ දඬුවම ගැටළුක් නෙමෙයි!

August 10, 2020 at 9:00 am | by emanisa.lk

රත්නපුර දිස්ති‍්‍රක්කයෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ, මරණ දඩුවම නියම වී සිටින පේ‍්‍රමලාල් ජයසේකරට මන්ත‍්‍රීවරයෙකු වශයෙන් දිව්රුම් දීමට නීතිමය ගැටළුවක් මතු නොවන බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක පවසයි. 

මැතිවරණ කොමිසම මගින් ඉකුත් සිකුරාදා රාති‍්‍රයේ නිකුත් කළ පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත‍්‍රීවරුන්ගේ නම් ඇතුළත් ගැසට් නිවේදනයේ පේ‍්‍රමලාල් ජයසේකරගේ නම ඇතුළත්ව ඇති බැවින් ඔහුට ඒ සඳහා අවස්ථාව හිමි වන බව පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා පෙන්වා දෙයි.

ඒ සඳහා පේ‍්‍රලාල් ජයසේකර විසින් ගොනු කර ඇති අභියාචනය පිළිබඳ ඔහුගේ නීතීඥයින් විසින් පාර්ලිමේන්තුවට දැනුම් දීමක් කළහොත්, ඔහුට මන්ත‍්‍රීවරයෙකු වශයෙන් දිව්රුම් දීමට අවස්ථාව හිමි වන බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *