නීතිපති තමන්ගේ සීමාව දැන වැඩකළ යුතුයි! ප්‍රේමලාල් පාර්ලිමේන්තු එන නේන එක තීන්දු කරන්නේ පාර්ලිමේන්තුව!

September 1, 2020 at 8:35 am | by emanisa.lk

ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තුවට ඒම හෝ නොඒම ගැන තීරණය කරන්නේ පාර්ලිමේන්තුව සහ කතානායකවරයා විසින් බව ඇමති වාසුදේව නානායක්කාර සඳහන් කරයි.

නීතිපතිවරයාට එය තීරණය කිරීමේ බලයක් නැති බව ද ඔහු පැවසීය.

ඊයේ (31) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මේ අතර කතානායක මහින්ද යාපා අබේවර්ධන පෙන්වා දෙන්නේ ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් නිර්වචනයක් ලබා දිය හැක්කේ නීතිපතිවරයාට නොව ශ්‍රේෂ්ඨාධිකරණයට පමණක් බවයි.

ප්‍රේමලාල් ජයසේකර මිනි මැරුමක් සම්බන්ධයෙන් මරණ දඬුවම ලැබ බන්ධනාගාරගත කර සිටින අතර මහා මැතිවරණයේ දී රත්නපුර දිස්ත්‍රික්කයේ දෙවෙනියා ලෙස ජයග්‍රහණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *