ප්‍රේමලාල්ගේ මන්ත්‍රීකම අහිමි කරන්න නීතිපතිට බෑ! නීතිපති කළේ ජනතා පරමාධිපත්‍ය උල්ලංඝනය කිරීමක්!- කතානායක

September 2, 2020 at 9:42 am | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරගේ මන්ත්‍රී ධුරයට අභියෝග කිරීමට නීතිපතිවරයාට නොහැකි බවත් මේ මස 08 වෙනිදා ඔහුට පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි.

ජනතා ඡන්දයෙන් තේරි පත් වූ මන්ත්‍රීවරයෙකුට පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට අවස්ථාවක් ලබා නොදීම ජනතා පරමාධිපත්‍ය උල්ලංඝනය කිරීමක් බවත් තමා කතානායකවරයා ලෙස ජනතාවගේ පරමාධිපත්‍ය බලය ආරක්ෂා කිරීමට බැඳී සිටින බවත් හෙතෙම අවධාරණය කරයි.

ප්‍රේමලාල් ජයසේකර සාම විනිසුරුවරයෙකු ඉදිරියේ නාම යෝජනා අත්සන් කර භාර දුන් අවස්ථාවේ කිසිම විරෝධතාවක් මතු නොවූ බවත් මැතිවරණ මහ ලේකම් කාර්යාලය අදාළ නාම යෝජනා භාරගත් බවත් කතානායකවරයා පෙන්වා දුන්නේය.

ප්‍රේමලාල් ජයසේකරට මරණ දඬුවම හිමි වූ පසු ද රත්නපුර දිස්ත්‍රික් ජනතාව ඔහු ජයග්‍රහණය කරවා ඇති බවත් එය මැතිවරණ ලේකම් කාර්යාලය පිළිගැනීමෙන් අනතුරුව ගැසට් කර ඇති බවත් පෙන්වා දුන් කතානායකවරයා ඔහුට මන්ත්‍රී ධුරය දැරිය හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය ඊට එරෙහි වන්නේ නම් පමණක් තමා ඊට එකඟ වන බවත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස