මං යහපාලන ආණ්ඩුවේ දේශපාලන දඩයමේ ගොදුරක්! ප්‍රේමලාල් එල්ලුම් ගස් යවන්න බැරි වුණොත් දළු නෙළන්න යන බව අධිකරණ ඇමතිනි තලතා කීවා!

September 9, 2020 at 8:48 am | by emanisa.lk

හෘදය සාක්ෂියට එකඟව තමන් අපරාධයක් සිදුකර නොමැති බවත් 2001 වසරේ සිට මේ දක්වා අඛන්ඩව තමන් පාර්ලිමේන්තුවට තෝරා පත්කළ රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවට සිය කෘතවේදීත්වය පිරිනමන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර (ශ්‍රී.පො.පෙ)මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (8) ප්‍රකාශ කෙළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තමන් සෑම අවස්ථාවකදීම තම ජනතාව වෙනුවෙන් පෙනී සිටි බවත් දේශපාලනය ඔස්සේ මුදල් හම්බ කිරිමට කටයුතු නොකළ තමන් පසුගිය යහපාලන ආණ්ඩුවේ අධිකරණ ඇමැතිවරියගේ අවශ්‍යතාව මත මෙලෙස දඩුවමට ලක් කළ බවත් මන්ත්‍රීවරයා සඳහන් කෙළේය.

නිරපරාදේ වුවද දඩුවමට ලක්ව සිටින තමන්ට පාර්ලිමේන්තුවට පැමිණිමට අවස්ථාව ලබාදුන් අධිකරණයට ගෞරවය පිරිනමන බවද හෙතෙම පැවසීය.

යහපාලන ආණ්ඩුවේ අධිකරණ ඇමැතිවරිය අධිකරණ පද්ධතියට දැඩිසේ බලපෑම් සිදුකර ඇති බවත් තමන් එල්ලුම් ගස් යැවීමට නොහැකි වුවහොත් තේ දළු නෙලන බවට එතුමිය ප්‍රකාශ කර ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කෙළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මේ බව සඳහන් කෙළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිව්රුම් දීමෙන් පසුව සභාව කල් තබන අවස්ථාවේ විවාදයට එක් වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ප්‍රේමලාල් ජයසේකර මහතා සඳහන් කළේ දරුවන් සිව්දෙනකුගේ පියකු වන තමන් හෘද සාක්ෂියට එකඟව කිසිඳු වරදක් සිදු කර නොමැති බවයි. එමෙන්ම නිවිතිගල ආසනයෙන් තමන්ව ඉවත්කර ගැනීමට එවකට අධිකරණ ඇමැතිවරියට දැඩි අවශ්‍යතාවක් තිබූ බවද ඔහු කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස